Breaking Posts

6/trending/recent

Hot Widget

Type Here to Get Search Results !

Ads

Ads by Mc

ලක් මවටත් අභිමානයක් ගෙන දෙමින් දැරියක් අයින්ස්ටයින් පසු කර යයි


ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකුගේ බුද්ධි මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳව වාර්තා වෙනවා.

එක්සත් රාජධානියේ සිටින අරියානා හීමාල් ධර්මසේන නමැති 10 හැවිරිදි පාසල් දැරියක් මෙම දක්ෂතාව දක්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඇය  Mensa බුද්ධි පරීක්ෂණයෙන්  ලකුණු 162ක් හිමිකරගෙන ඇති අතර, එය විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු වන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුකර ඇති බුද්ධි මට්ටම වන160 මට්ටම ඉක්මවා යාමක් බවයි  බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

 එය "genius" මට්ටම ලෙස හඳුන්වනු ලබන අතර මෙම දක්ෂතාව හේතුවෙන් ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකත්වය ද පිරිනමා ඇති බවයි BBC මාධ්‍ය වාර්තා කරන්නේ.

අරියානා දැරියගේ මවුපියන් වන ජානක දඹරව හේවගේ සහ මේකලා පෙරේරා ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර, 2009 වසරේ දී බ්‍රිතාන්‍යයේ හඩර්ස්ෆීල්ඩ්හි පදිංචියට ගොස් තිබෙනවා.

2012 වසරේ දී බ්‍රිතාන්‍යයේ උපත ලැබූ අරියානාඅධ්‍යාපනය ලබන්නේ, හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ  වන අතර ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීම බවයි BBC මාධ්‍ය වාර්තා කරන්නේ.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.