ඩොලරයේ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීම
September 08, 2021
0
ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ස්ථාවරව පවත්වා ගෙන යන ලෙස මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවලට දැනුම් දීමත් සමග ඩොලරයේ
කළු කඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා.
කෙසේවෙතත් විනිමය අනුපාතවල අධික අස්ථාවර බව හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල දේශිය මිල ගණන්වලට අහිතකර බලපෑම්
ඇතිවන බවයි මහ බැංකුව පෙන්වා දී ඇත්තේ.
එබැවින් මහ බැංකුව සියලුම බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා ඇත්තේ එකඟ වූ පරිදි ඇමෙරිකානු ඩොලරය සඳහා විනිමය අනුපාතිකය
රුපියල් 200 - 203 ත් අතර පරාසයක පවත්වාගෙන යන ලෙසයි.
ඒ අනුව සියලුම වානිජ බැංකු ඊයේ සහ අද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 203ක් ලෙස ස්ථාවර අගයක් ප්‍රකාශ කර තිබුණා.
කෙසේවෙතත් විදේශ මුදල් හුවමාරු කරන පෞද්ගලික ආයතන ඩොලරයක් සඳහා අද ලබා දී තිබුණේ රුපියල් 240 - 250 ත් අතර ඉහළ
අගයක්.
මෙම තීරණය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ.විජේවර්ධන මියන්මාරය
උදාහරණයට ගනිමින් පෙන්වා දෙන්නේ අමෙරිකානු ඩොලරයේ කළු කඩ මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බවයි.
මියන්මාරය අමෙරිකානු ඩොලරයක් සඳහා කෙයට් 6ක ස්ථාවර අගයක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ඩොලරයක කළු කඩ මිල කෙයට්
800 දක්වා ඉහළ ගිය බව ඔහු පෙන්වා දෙනවා.
මහබැංකුවේ තීරණය විනිමය වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයින් ද අනාවැකි පල කරනවා.
මේ අතර පසුගිය සඳුදා දිනය හා සැසඳීමේදී ඊයේ සහ අද විදේශිය මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස
අධිප්‍රමාණය වී තිබීම කැපී පෙනෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව පසුගිය සඳුදා බි්‍රතාන්‍ය ස්ටර්ලිං
පවුමක විකුණුම් මිල රුපියල් 317.47ක් දක්වා ඉහළ ගොස්තිබුණා.
කෙසේවෙතත් අද වන විට එය දැක්වුණේ 280 යි ශත 99 ලෙසින්.


