Breaking Posts

6/trending/recent

Hot Widget

Type Here to Get Search Results !

Ads

Ads by Mc

ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියකගේ 12 හැවිරිදි දැරියට අනියම් සැමියා අතවර කරලා

ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියකගේ 12 හැවිරිදි දැරියට අනියම් සැමියා අතවර කරලා

සැමියා කුඩු නඩුවකට රිමාන්ඩ් එකේ

එක්තරා පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියකගේ 12 හැවිරිදි දියණිය සිය නිවසේදී අපයෝජනයට ලක් කළ බව කියන අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට පමුණුගම හා දුම්මලසූරිය පොලිස් ස්ථාන පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

සැකකාර අනියම් සැමියා අතින් අපයෝජනයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පරීක්‍ෂණ සිදුකරන පමුණුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගයාන් ප්‍රදීප් මහතා ‘දිවයින’ට ඊයේ

(20 දා) පැවසීය. සිය දියණිය සැකකාර අනියම් සැමියා අතින් පමුණුගම පොලිස් වසමට අයත් ජාඇල දෑලතුර නිවසේදී අපයෝජනයට ලක්වීමෙන් පසුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය දුම්මලසූරිය සිය මවගේ නිවසේ දියණිය නතර කර තිබේ.

මෙහිදී දැරිය තමාට සිදුවූ අතවරය ගැන මිත්තනියට පවසා තිබේ. අනතුරුව මිත්තනිය මේ ගැන 119 පොලිස් හදිසි ඇමැතුම් අංශයට කරන ලද දැනුම් දීමකට අනුව දුම්මලසූරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (19 දා) එම නිවසට ගොස් දැරිය පොලිස් භාරයට ගෙන තිබේ.

ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියගේ නීත්‍යනුකූල සැමියා මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වන චෝදනාවකට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින බව හෙළිවිණැයිද පොලිසිය කියයි.

අපයෝජනයට ලක්වූ බව කියන දැරියගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකරු ගැන ඊයේ (20 දා) වනතුරුත් කිසිදු තොරතුරක් දැන ගන්නට නැතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම හා දුම්මලසූරිය පොලිස් ස්ථාන ඒකාබද්ධව පරීක්‍ෂණයක් සිදු කරති.

නෝමන් පලිහවඩන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින් ද සිල්වා

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.