Breaking Posts

6/trending/recent

Hot Widget

Type Here to Get Search Results !

Ads

Ads by Mc

රියැදුරුට නින්ද ගිය මෝටර් රිය වයෝවෘද්ධ කතක් යටකර මරයි

රියැදුරුට නින්ද ගිය මෝටර් රිය වයෝවෘද්ධ කතක් යටකර මරයි


බණ්ඩාරගම කළුතර මාර්ගයේ යටියන ප්‍රදේශයේදී ඊයේ (13) පෙරවරුවේ මාර්ගයේ ගමන් ගත් වයෝවෘද්ධ කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මියගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි අනතුරින් මියගියේ බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි කිහිබියගේ ලිලී නමැති 77 හැවිරිදි දෙදරු මවකි.

අනතුරින් මියගිය කාන්තාව රැකියාවක් වශයෙන් එම ප්‍රදේශයේ නිවසක රැය පහන් කර යළි නිවස කරා පාගමනින් යමින් සිටියදී මෙම අනතුර වී ඇත. තරුණයකු පදවාගෙන යමින් සිටි මෝටර් රථයක් බණ්ඩාරගම සිට කළුතර දෙසට ධාවනය වෙමින් තිබියදී මෝටර් රථය එකවරම මාර්ගයේ වම්පසින් ඉවතට ගොස් පා ගමනින් යටියන දෙසට යමින් වයෝවෘද්ධ කාන්තාවගේ ශරීරයේ පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලීසිය කියයි. කාන්තාව මෝටර් රථයේ ගැටීමත් සමගම ඈතට උඩින් විසි වී මාර්ගයේ පසෙක වැටී ඇති අතර අනතුරුව රියදුරුට මෝටර් රථය නවතා ගැනීමට හැකි වී ඇත්තේ අනතුර සිදු සිදුවූ ස්ථානයේ සිට මීටර් 70වකට අධික දුරක් ගොස් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෝටර් රථයේ ගැටුණු කාන්තාව එම ස්ථානයේදීම මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.

මෝටර් රථය පැදවූ 23 හැවිරිදි තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන්ට නින්ද ගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. සැකකාර තරුණයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. යු. අයි. ප්‍රනාන්දු, මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරී පොලිස් සැරයන් 37199 සම්පත්, පොලිස් සැරයන් 61114 අතුල ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

කැස්බෑව ජයසිංහ

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.