Breaking Posts

6/trending/recent

Hot Widget

Type Here to Get Search Results !

Ads

Ads by Mc

No title

සනෝජා බිබිලේගේ ලක්ෂ 35ක රන් ආභරණ සොරාගත් හැටි!

NOVEMBER 30, 2015



සනෝජා බිබිලේ කියන නම කාටත් අලුත් නමක් නෙවෙයිනේ. ඇය මෙරට සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විශේෂයෙන් වේදිකා‍ නාට්‍යවලදී ඇයගේ රංගනය කාටත් අමතක කරන්න නම් බැහැ. සනෝජා බිබිලේ ගැන එහෙම කියන්න හිතුවේ ඇයට වෙච්චි ඇබැද්ධියක් කියන්නයි. ඒ සනෝජා බිබිලේගේ රුපියල් ලක්ෂ 35 කට අධික ස්වර්ණාභරණ තොගයක් සහ රුපියල් විසි දහසක මුදලක් කිසියම් පිරිසක් විසින් ඊයේ කොල්ලකා පලාගොස් තිබෙනවා කියන කතාව.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ  ඊයේ (29) පස්වරුවෙයි.  අභාවප‍්‍රාප්ත දමිතා සළුවඩන මහත්මියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙන්න ගිය අවස්ථාවේ තමයි මේ සොරකම වෙලා තියෙන්නේ.
සනෝජා බිබිලේ මහත්මිය සිය ස්වර්ණාභරණ සහ මුදල් මෝටර් රථය තුළ තබා අවමංගල්‍ය උත්සවයට ගිහින් තියෙනවා. ඒ වෙලාවේ  කිසියම් පිරිසක් මෝටර් රථයේ පිටුපස වීදුරුව කඩා ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකා තිබෙනවා කියලයි පොලීසිය කියන්නේ.
මේ ගැන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතරම මේ දක්වා කවුරුත් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබිලත් නෑ කියලයි ආරංචි.

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
Anonymous said…
Ilagena kanawa kiyanne meata